Wednesday, July 24, 2013

මම ගැන

                                                            

                                                         මේ ඉන්නේ මම හොඳේ.


මගේ ජීවිතයත් හරියට සින්දුවක් වගේ.ලස්සන සන්ගීතයකුත්,තනුවකුත් එක්ක විනාඩි කිහිපයක වින්දනයක් ලබන්න හොඳම තැනක්.මම සහෝදර සහෝදරියෙක් නැති අම්ම,තාත්ත විතරක් ඉන්න උසස් පෙළ කරන කොල්ලෙක්.මාව ආශ්‍රය කරන උදවිය  කියන්නේ  මම ජීවත් වෙන්නේ හිතින් මවා ගත්ත සිහින ලෝකෙක කියල.වෙලාවකට ඒ ගොල්ලෝ හරි ඇති.මොකද මගේ ජීවිතේ සීමා වෙලා තියෙන්නේ ගෙදර,පාසල,පන්ති 3 සහ ගාල්ල තරුණ බෞද්ධ සමිතිය(එකට යන්නේ ස්නූකර ගහන්න සහ මොනවහරි කන්න)  කියන ස්ථාන 6 තුල.මටත් ඉතින් යාළුවො කියල ගොඩක් හිටියට මගේ අදහස් වලට සමාන අදහස දරන යාලුවෝ දෙන්නයි මට ඉන්නේ.අනිත් සේරම මම ඉන්නේ සුරඟන ලෝකෙක කියල හිතන අය.මම ඉතින් නිවාඩු වෙලාවක කරන්නේ FIFA  13 ගහල,මැච් එකක් බලල,හොඳ,පරණ චිත්රපටියක් බලන එක.මගේ කාල සටහනේ අනිවාර්ය අංගයක් තමයි කවුද බෝයි බලන එක.කීයට ගෙදර අවත මම එක බලල තම නිදාගන්නේ.මගේ ඉතින් දැනට තියෙන අරමුණ තමා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන එක.පලවෙනි පොස්ට් එක නිසා පොඩි බයිලයක් ගැහුවේ.ඒ නිසා අඩුපාඩුකම් ගොඩක් ඇති.ඒවා හදාගන්න ඔයාලගෙන් උදව් ඉල්ලනවා.

ජය වේවා.