Wednesday, December 4, 2013

හිමි අහිමි ආදරය

වසර ගනනක් තිස්සේ පෙරුම් පුරමින් සිටි දෙයක් පසුගිය ඉරිදා කර ගැනීමට හකි වුණි.එ මගේ හදවත දිනා ගත් මා මෙලොව දු‍ටු සුන්දරම හා අහිංසකම තරුණිය වන ඇය හට ලිපියක් දීමයි.


දැන්වත් මේ ලෝකෙට වරෙන්.මා එහා පැත්තෙ වාඩි වී සිටි හිමංස කනට කොඳුරා කීවෙය.ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටි මම ගුරුවරයා කියන දෙය ගැන අස සිටියෙමි.කිසිදු හරයක් නැති කතාවක් කියා පන්තිය හිනැස්සවීමට ඔහු ගන්නා උත්සහයන් මා තුල ඇති කලේ අනුකම්පාව මුසු කෝපයකි.අනුකම්පාව අති වුනේ ඔහු දරනා ප්‍රයත්නයන් වලින් විහිලුවට බඳුන් වන්නේ ඔහුම වීම නිසාය.කෝපය ඇති වුනේ අපෙන් ලබා ගන්නා මුදලට සරිලන පරිදි මොහු උගන්වනවාද යනුවෙනි.මම නැවතත් ඇය දෙස නෙතු යොමු කෙරුවෙමි.ඇය සිනහ සෙන අයුරු මම දු‍ටුවෙමි."ගානක් කියද්දි මට කතා කරපං"හිමංසට එසේ කීවෙමි.

"පුතේ නැගිටින්න අද පන්ති යන්නේ නැද්ද?" මසිත දිවගියේ 2010 දෙසැම්බර් වලටය..මේ නිවාඩු කාලෙත් පන්ති මොන මගුලක්ද? යනුවෙන්  මවගේ පැනයට මමත් පැනයකින්ම පිලිතුරු දුන්නෙමි.අම්මා මොකුත් නොකීවේ මා තව විනාඩි 5 කින් නැගිටින බව දන්නා නිසාය.

එ දවස මගේ ජීවිතය වෙනස් කරන දිනයක් වෙතයි මම නොසිතුවෙමි.නිදිබර මුහුනෙන් පන්තියට ගිය මම දු‍ටුවෙ සැමදා දකින ලෑලි කෑලි අතර සිටින සුරන්ගනාවකුයි.කලු පැහැ දිගු කෙස් වැටියක් සමග සුදුමැලි මුහුනක් සහිතව ඇය සිනහවකින් සිය වත අලංකාර කරගෙන සිටියාය."කවුද බන් අර කෑල්ල?"හිමංසගෙන් එසේ ඇසුවෙමි.දන්නැ බං ඔහුගෙ පිලිතුර එය විය.

ගුරුතුමා(මාමා) පන්තියට ආවෙය.පන්තිය දෙස වරක් බැලු ඔහු අලුතෙන් ආ සිසුන්ගෙන් තොරතුරු විමසීමට ගත්තේය.ඔහු ඇයගෙන් තොරතුරු විමසද්දි මම අසා සිටියෙමි."දුවගෙ නම මොකක්ද?ඇය මාමට පිලිතුරු දෙන තෙක් මට ඉවසුමක් නොමැත.සර් මගේ නම.........................


Wednesday, July 24, 2013

මම ගැන

                                                            

                                                         මේ ඉන්නේ මම හොඳේ.


මගේ ජීවිතයත් හරියට සින්දුවක් වගේ.ලස්සන සන්ගීතයකුත්,තනුවකුත් එක්ක විනාඩි කිහිපයක වින්දනයක් ලබන්න හොඳම තැනක්.මම සහෝදර සහෝදරියෙක් නැති අම්ම,තාත්ත විතරක් ඉන්න උසස් පෙළ කරන කොල්ලෙක්.මාව ආශ්‍රය කරන උදවිය  කියන්නේ  මම ජීවත් වෙන්නේ හිතින් මවා ගත්ත සිහින ලෝකෙක කියල.වෙලාවකට ඒ ගොල්ලෝ හරි ඇති.මොකද මගේ ජීවිතේ සීමා වෙලා තියෙන්නේ ගෙදර,පාසල,පන්ති 3 සහ ගාල්ල තරුණ බෞද්ධ සමිතිය(එකට යන්නේ ස්නූකර ගහන්න සහ මොනවහරි කන්න)  කියන ස්ථාන 6 තුල.මටත් ඉතින් යාළුවො කියල ගොඩක් හිටියට මගේ අදහස් වලට සමාන අදහස දරන යාලුවෝ දෙන්නයි මට ඉන්නේ.අනිත් සේරම මම ඉන්නේ සුරඟන ලෝකෙක කියල හිතන අය.මම ඉතින් නිවාඩු වෙලාවක කරන්නේ FIFA  13 ගහල,මැච් එකක් බලල,හොඳ,පරණ චිත්රපටියක් බලන එක.මගේ කාල සටහනේ අනිවාර්ය අංගයක් තමයි කවුද බෝයි බලන එක.කීයට ගෙදර අවත මම එක බලල තම නිදාගන්නේ.මගේ ඉතින් දැනට තියෙන අරමුණ තමා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන එක.පලවෙනි පොස්ට් එක නිසා පොඩි බයිලයක් ගැහුවේ.ඒ නිසා අඩුපාඩුකම් ගොඩක් ඇති.ඒවා හදාගන්න ඔයාලගෙන් උදව් ඉල්ලනවා.

ජය වේවා.