දැන්වත් මේ ලෝකෙට වරෙන්.මා එහා පැත්තෙ වාඩි වී සිටි හිමංස කනට කොඳුරා කීවෙය.ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටි මම ගුරුවරයා කියන දෙය ගැන අස සිටියෙමි.කිසිදු හරයක් නැති කතාවක් කියා පන්තිය හිනැස්සවීමට ඔහු ගන්නා උත්සහයන් මා තුල ඇති කලේ අනුකම්පාව මුසු කෝපයකි.අනුකම්පාව අති වුනේ ඔහු දරනා ප්රයත්නයන් වලින් විහිලුවට බඳුන් වන්නේ ඔහුම වීම නිසාය.කෝපය ඇති වුනේ අපෙන් ලබා ගන්නා මුදලට සරිලන පරිදි මොහු උගන්වනවාද යනුවෙනි.මම නැවතත් ඇය දෙස නෙතු යොමු කෙරුවෙමි.ඇය සිනහ සෙන අයුරු මම දුටුවෙමි."ගානක් කියද්දි මට කතා කරපං"හිමංසට එසේ කීවෙමි.
"පුතේ නැගිටින්න අද පන්ති යන්නේ නැද්ද?" මසිත දිවගියේ 2010 දෙසැම්බර් වලටය..මේ නිවාඩු කාලෙත් පන්ති මොන මගුලක්ද? යනුවෙන් මවගේ පැනයට මමත් පැනයකින්ම පිලිතුරු දුන්නෙමි.අම්මා මොකුත් නොකීවේ මා තව විනාඩි 5 කින් නැගිටින බව දන්නා නිසාය.
ගුරුතුමා(මාමා) පන්තියට ආවෙය.පන්තිය දෙස වරක් බැලු ඔහු අලුතෙන් ආ සිසුන්ගෙන් තොරතුරු විමසීමට ගත්තේය.ඔහු ඇයගෙන් තොරතුරු විමසද්දි මම අසා සිටියෙමි."දුවගෙ නම මොකක්ද?ඇය මාමට පිලිතුරු දෙන තෙක් මට ඉවසුමක් නොමැත.සර් මගේ නම.........................
ගුණ අගුණ කියන්න නම් දන්නේ නෑ මල්ලී....කරගෙන යන්න සුභ පතනවා...ඒ ලෙවල් ඉවරකරලයි මේක පටන් ගත්තේ කියලා හිතනවා...
ReplyDeleteඋබනම් පිස්සෙක් බන්.......
ReplyDeleteකොහොම උනත් එල හොදේ....
Keep It Up...